27 C
Colombo
24/10/2024

උතුරු කොරියාව සාගත තත්වයකට-තානාපති නිලධාරීන් හා සහන සේවකයනුත් ඉවත්වෙති

Share with your friends :

ඉතාම අසීරු කාලසීමා සඳහා මුහුණදීමට සුදානම් වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් එරට ජනතාවගෙන් ඉල්ලා තිබේ. ඒ එඅරට පාලක පක්ෂයේ මහා සම්මේලනය අමතමිනි.
එරට ආර්ථික වශයෙන් ඉතාම අසීරුතාවකට පත්වෙමින් සිටින බවටත් ආහාර හිඟය හා සගත තත්වයකට ලඟාවෙමින් ඇති බවටත් පැවසේ.
1990 දශකයේදී එරට ඇතිවූ සාගත තත්වයේදී ලක්ෂ 30 ක පමණ ජනතාවක් මිය ගියහ.
කොරෝනා වසංගතයත් සමග උතුරු කොරියාව තම දේශසීමා වසා දමා තිබේ. මෙම තත්වය එරටට දැවැන්ත ආර්ථික අර්බුද ඇතිකර තිබේ.
විශේෂයෙන්ම චීන දේශ සීමාවේ පිහිටි උතුරු කොරියානු නගරවල තත්වය ඉතාම දරුණු වී ඇති අතර ජනතාවගේ මුලික අවශ්‍යතා පවා සපුරා ගත නොහැකි තත්වයක් ඇතිවී තිබේ.
මේ වන විට එරට සිටි විදේශීය තානාපති නිලධාරීන් හා සහන සංවිධාන සේවකයන් පවා එරට හැරගොස් තිබේ.

Share with your friends :