27 C
Colombo
19/01/2025

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ විශ්‍රාමික නායකත්ව සාදයක් අප්‍රේල් 10 මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදී

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අප්‍රේල් 10 වැනිදා මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදී නායකත්ව පුහුණු වැඩසටහනක් බවට හඟවමින් සාදයක් සංවිධානය කර ඇති බවට ශ්‍රීලංකා ටෙලිකොම් වෘත්තීය සමිති චෝදනා කරති.
මේ සාදය මීට පෙර ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ ඉහල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් නායකත්ව පුහුනුවක් සඳහා යැයි පවසමින් පෙබරවාරි 26,27,28 තෙදින දඹුල්ලේ තරු පහේ හෝටලයක දින තුනක සංචාරයක් ලස සංවිධානය කර තිබු අතර පසුව එය ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ගේ නියෝගයෙන් නවතා දමන ලදී.
මෙම සංචාරය සඳහා අදාළ හෝටලයේ කාමර පවා වෙන්කරවා ගෙන තිබු අතර සභාපතිවරයා ඒ අවස්ථාවේ පැවසුවේ මෙවන් විශාල වියදම් අපරාධයක් බවත් , රට මෙවන් තත්වයක තිබියදී මෙවන් සංචාර සුදුසු නොවන අතර ඒවා රජයේ නිරෝධායන නීතිද උල්ලංඝනය කරන්නක් බවයි.
එහෙත් පසුගිය දිනවල සභාපතිවරයා විදේශ ගතව සිටි අතර ඔහු නැවත ශ්‍රීලංකාවට පැමිණියේ ඊයේ දිනයේය. සභාපතිවරයා මෙවැනි අනවශ්‍ය වියදම් වැය කරනදේට විරෝධය පලකරන බැවින් ඔහු රටේ නොමැති අවස්ථාව බලා මෙය සංවිධානය කර ඇත්තේ ටෙලිකොම් ඉහල නිලධාරීන් වන අතර කොරෝනා නීතිරීති වලට අනුකූල නොවන ආකාරයට මේ සඳහාද විශාල පිරිසක් එක්වීමට නියමිතය.
මෙය ජෙට්වින් සී හෝටලයේ පවත්වන බවට ඊට ආරාධනා පත්‍ර යවා තිබේ. එහෙත් සංවිධානය කර ඇත්තේ මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදීය.
මෙය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඉදිරි දින කීපය තුල විශ්‍රාම යන ශ්‍රීලංකා ටෙලිකොම් ඉහල නිලධාරීන් දෙදෙනෙකු සඳහා සාදයක් ලබා දීම බවට වෘත්තීය සමිති චෝදනා කරති. කේබල් ගනුදෙනු වලට සම්බන්ධ අයගේ නම්ද මීට ඇඳි තිබේ. ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය මේ වන විට විශාල වශයෙන් බැංකු ණය මත පවත්වා ගෙන යන බවට චෝදනා කරන එහි වෘත්තීය සමිති රටම මෙවන් ව්‍යසනයකට පත්ව තිබෙන මොහොතේ මෙවැනි මුදල් නාස්ති සිදු නොකරන ලෙස ශ්‍රීලංකා ටෙලිකොම් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

Share with your friends :