27 C
Colombo
19/01/2025

දකුණු කොරියානු මැතිවරණවලින් පාලක පක්ෂයට දරුණු පරාජයක්

Share with your friends :

දකුනු කොරියාවේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රධාන පෙලේ නගර සභා මැතිවරණ කීපයකින් විශාල පරාජයක් ලබා තිබේ.
සියෝල් හා බූසාන් නගර වලදී මෙම පරාජයන් ලබා තිබේ.
එම නගර විශාල වැඩි ඡන්ද ප්‍රමානවලින් ජයගෙන ඇත්තේ මහජන බලය පක්ෂයයි. එම නගර දෙකේම නගරාධිපතිවරුන්ට ලිංගික අපචාර චෝදනා එල්ලවී තිබු අතර ඉන් එක අයකු තනතුරින් ඉල්ලා අස්වූ අතර අනෙක් තැනැත්තා සිය දිවි නසා ගත්තේය.මෙම මැතිවරණය ලබන වසරේ එරට ජනාධිපතිවරණයට පෙර ජනමත විමසුමක් ලෙස සැලකේ.
මේ වන විට එරට ජනාධිපති මුන් ජේ ඉන් ගේ ජනප්‍රියත්වය පහල බැස තිබේ.
රජයේ ප්‍රධානීන්ට එරෙහිව එල්ලවී ඇති ලිංගික අපචාර චෝදනා, නිවාස මිල ඉහල යාම සහ අකාර්යක්ෂමතාව මීට බලපා ඇත.
සියෝල් හි නගරාධිපතිවරයා වූ පාක් වොන් සූන් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බොහෝ දෙනා විශ්වාස කල අතර ඔහුගේ ලේකම්වරිය සිදු කල හෙළිදරව් කිරීම්වලට පසු දින පසුගිය ජුලි මාසයේ සියදිවි නසා ගන්නා ලදී.

Share with your friends :