27 C
Colombo
19/01/2025

කොමර්ෂල් ලීසිං,LB ෆිනෑන්ස්,ඔරියන්ට් ලීසිං ආණ්ඩුවේ සහන ජනතාවට නොදෙති – මහ බැංකුව නිදි

Share with your friends :

කොමර්ෂල් ලීසිං සමාගම එම සමාගමෙන් ලීසිං පහසුකම් ලබා ගත් පාරිභෝගිකයන් විසින් තමන් විසින් මෙතෙක් ගෙවන ලද ලීසිං වාරික හා පොලී මුදල් පිලිබඳව විස්තර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතැයි ලීසිං සහ ණය වාරික මාස 6 කට අත්හිටුවීමට රජයට බලකරන්නන්ගේ සංගමය චෝදනා කරයි.
මේ අතර ඔරියන්ට් ලීසිං සමාගමෙන් ලබාගත් රුපියල් ලක්ෂ පහක ලීසිං පහසුකමක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයහමාරක මුදලක් ගෙවන්නට සිදුව ඇති බවටද එම සංගමය චෝදනා කරයි.
මේ අතර LB ෆිනෑන්ස් ආයතනය කොරෝනා සහන ලබා නොදී රුපියල් 35,000 බැගින් වූ හිඟ මාසික වාරික පහකට එනම් රුපියල් 175,000 ක හිඟ මුදලකට රුපියල් ලක්ෂ තුනක මුදලක් අයකළ බවටද එම සංගමය චෝදනා කර සිටී.
මේ අතර ෆිනෑන්ස් හා ලීසිං සමාගම් රැසක් ආණ්ඩුව ලබා දුන් සහන කාල වලටද පොලී හා දඩ පොලී අයකරන බවට බොහෝ ලීසිං පාරිභෝගිකයෝ මැසිවිලි නගති. මේ සම්බන්ධයෙන් වගකීම ඇති ශ්‍රීලංකා මහා බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පියවර නොගන්නා බවටද ජනතාව චෝදනා කරති. මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වෙත දැන්වුවද බොහෝ මාධ්‍ය ආයතන පවා මෙම අසාධාරනකම් ගැන හඬ නොනගන්නේ අදාළ ලීසිං හා ෆිනෑන්ස් සමාගම් වලින් සිදුවන බලපෑම් නිසා බව ජනතාව කියා සිටිති.
කොරෝනා හේතුවෙන් මාස 13 කට අධික කාලයක් තිස්සේ ආදායම් අහිමිව දැඩි අසීරුවෙන් ගත කරන ජනතාව මේ ආකාරයට ගසා කෑම දැඩි අසාධාරණයක් බවත් ලීසිං සමාගම් හා මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් රජය මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවටත් ජනතාව ඉල්ලා සිටිති.

Share with your friends :