එංගලන්තයේ පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බැකින්හැම් මාලිගය නිවේදනය කළේය. දෙවන එලිසබෙත් මහා රැජිනගේ සැමියා වන ඔහු මිය යන විට 99 වන වියෙහි පසුවිය.
පිලිප් කුමරු 1947 වසරේදී දෙවන එලිසබෙත් මහරැජින සමග විවාහ විය. ඊට වසර පහකට පසු ඇය බ්‍රිතාන්‍ය මහරැජින ලෙස පත් වුවාය. ඔවුන්ට දරුවන් සිවු දෙනෙකි.
ඔහු පසුගිය මාර්තු මාසයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට නැවත මාලිගයට පැමිණියේය.
1921 ජුනි 10 වැනිදා ග්‍රීසියට අයත් කොර්ෆු දිවයිනේදී පිලිප් කුමරු උපත ලැබීය. ඔහුගේ පියා ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ අන්ද්රු කුමරුය. ඔහු හෙලන්ස් හි පළමු ජෝර්ජ් රජුගේ බලම පුත්‍රයාය. පිලිප් කුමරුගේ මව ඇලිස් කුමරියයි. ඇය ලුයිස් මවුන්බැටන්ගේ දියණිය වූ අතර වික්ටෝරියා මහා රැජිනගේ මී මිනිබිරියයි.
