මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
පසුගිය දිනවල ගැටඹේ නාහිමියන් විසින් ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ විවේචන කිහිපයක්ම එල්ල කරන ලද අතර එම විහාරස්ථානයට ගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුටම නාහිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරන ලදී.
එම විහාරස්ථානයට පැමිණ ඇති ජනාධිපතිවරයා සහ නාහිමියන් අතර මෙම සාකච්ඡාව පැයක පමණ ආසන්න කාලයක් පැවැත් වී ඇති අතර මෙම සාකච්චාව සිදුවන අවස්ථාව සදහා මාධ්‍ය හෝ බාහිර කිසිදු පුද්ගලයෙකු සහභාගි වී නැති අතර නාහිමියන් සහ ජනාධිපතිවරයා අතර පමණක් සාකච්ඡාව සිදු කර ඇත.
කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා වූ කරුණු කිසිවක් තවමත් දැනගන්නට නැත.