මාලඹේ උඩවත්ත පාරේ ප්රයිම් රෙසිඩන්සීස් සුපිරි නිවාස සංකීරණයේ වාසය කරන ජනතාව මේ දින වල සොරසතුරු බිය නිසා දැඩි අසීරුතාවලින් පසුවන බව සඳහන්ය.
පසුගිය දිනවල සොරුන් මේ නිවෙස් වලට ඇතුළුවී විශාල හානි සිදුකර ඇතැයිද මේ සම්බන්ධයෙන් අදාළ නිවාස සංකීරණය නිසි පියවර ගෙන නැතැයිද නිවෙස් හිමියෝ චෝදනා කරති.
මෙහි ආරක්ෂාව මුළුමනින්ම භාරව සිටින්නේද අදාළ නිවාස සංකීරණය ඉදිකළ සමාගමයි. අදාළ නිවාස මිලදී ගැනීමේදීද ඒ වෙනුවෙන් විශාල වැඩි මුදලක් නිවෙස් හිමියන් ගෙවා තිබේ.
මීට අමතරව නිවාස සංකීරණයේ අනෙකුත් පොදු සේවාවන්ද බලාපොරොත්තු වූ හා ගිවිස ගත් මට්ටමට නැතැයි නිවාස හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන්ට පැමිණිලි කිරීමට නිවාස හිමියෝ කටයුතු කරමින් සිටිති.