පුෂ්පිකා ද සිල්වාගෙන් ශ්‍රීලංකා විවාහක රූ රැජින කිරුල ගැලවීමේ සිද්ධියෙන් ශ්‍රීලංකාවට ඇති කලේ බලවත් කැලලක් බව ශ්‍රීලංකාවේ පලමු විශ්ව විවාහක රූ රැජින මෙන්ම වර්තමානයේ කොළඹ නගරාධිපතියද වන රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
තමා කැරොලයින් ජූරිට පැයක කාලයක් කතා කල බවත් සිද්ධියට සමාව ගන්නා ලෙස ඇයට දැනුම්දුන් බවත්, සමාව නොගත්තොත් මේ කිරුල ශ්‍රී ලංකාවට අහිමි වෙන බවත්, මෙතන යම්කිසි සැලසුම් සහගත දෙයක්වූ බව පැහැදිලි බවත් රෝසි සේනානායක මහත්මිය පැවසුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සංවාදයකට එක්වෙමිනි.