භාවනා කිරීම සඳහා ගල් ගුහාවකට ගිය තායිලන්තයේ බෞද්ධ භික්ෂුවක් ගංවතුර හේතුවෙන් ගල්ගුහාවක සිරවී සිටියදී දින හතරකට පසු බේරා ගෙන තිබේ.
ෆිට්සානොලොක් ප්රාන්තයේ ගල් ලෙනක මෙම භික්ෂුන් වහන්සේ සිරවී සිටියේය.
භික්ෂුන් වහන්සේ ගල් ලෙන තුලට යනු ප්රදේශවාසීන් දැක ඇති අතර ඉන් පසුව අනපේක්ෂිතව වර්ෂාව සමග ඇතිවූ ගංවතුරත් සමග භික්ෂුන් වහන්සේ යලි නොපැමිණීම නිසා ඒ බව බලධාරීන්ට දන්වා තිබිණි.මෙම මුදාගැනීමේ මෙහෙයුම සඳහා කිමිදුම්කරුවන් 17 දෙනෙකු එක්වුහ. පසුව මෙම පිරිස විසින් භික්ෂුන් වහන්සේ රැගෙන භූගත ජලය හරහා එලියට පැමිණියහ. ගල් ගුහාව තුල ජංගම දුරකථන ක්රියා නොකිරීම නිසා මුදවා ගැනීමේ මෙහෙයුම් අපහසු විය.
2018 වසරේ මීට සමාන ආකාරයෙන් දියත් කල මෙහෙයුමකින් කිමිදුම්කරුවන් විසින් ගල් ගුහාවක් තුල සිරවී සිටි කුඩා දරුවන් පිරිසකගෙන් යුත් පාපන්දු කණ්ඩායමක් හා එහි පුහුණුකරු මුදා ගන්නා ලදී.