පසුගිය පැය 24 ක කාලය තුල බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව 4211 දක්වා ඉහල ගොස් තිබේ.
ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටින කොවිඩ් රෝගීන් ගෙන් රෝහල් පිරී ඉතිරී ගොස් ඇති අතර බොහෝ රෝගීන් මේ වන විට ප්‍රතිකාර නොමැතිව මිය යන බව සඳහන්ය.
මේ වන විට කොරෝනා රෝගයෙන් බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව 337,364 කි. එය දෙවැනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණි.
මේ තත්වය මත රට ලොක් ඩවුන් කිරීම බ්‍රසීල ජනාධිපති බෝල්සනාරෝ දිගින් දිගටම කල් දමමින් සිටී. ඔහු පවසන්නේ එයින් එරට ආර්ථිකයට සිදුවන හානිය ඊට වඩා වැඩි බවයි.