27 C
Colombo
17/11/2024

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල තත්වය ගැන ඇමති සරත් වීරසේකර හෙළිකරයි

Share with your friends :

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් මහ මොලකරුවා හඳුනාගත් බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
ඔහු නවුෆර් මවුලවි නම් පුද්ගලයෙක් බව ද ,අන්තවාදය ප්‍රවර්ධනය කරමින් සහරාන් ඇතුළු කණ්ඩායම අන්තවාදයට යොමු කිරීමට අදාළ නවුෆර් මවුලවි කටයුතු කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.
අදාල සැකකරු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයිද කී ඔහු පාස්කු ප‍්‍රහාරය සම්බන්දයෙන් පුද්ගලයන් 32කට දැනටමත් නඩු පවරා ඇතැයිද පැවසීය.
කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන් නමැත්තාගේ බිරිඳ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්ථිනී මහේන්ද්‍රන් නමැත්තිය ජීවතුන් අතරදැයි තවමත් නිශ්චිතවම පැවසිය නොහැකි බවත් සයින්දමර්දු නිවසේ බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ මෘතදේහ යළි ගොඩගෙන ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වන බවත් සරත් වීරසේකර මහතා පැවසීය.
“මේ සාරා කියන එක්කෙනා මැරුණාද නැද්ද කියලා අපට තාම කියන්න බෑ. මොකද පළවෙනි එකේ DNA ප්‍රතිඵලවලින් ඒක සනාථ වුණේ නෑ, නමුත් …. මෙහෙමයි පළවෙනි DNA පරීක්ෂණයේ ශරීර කොටස් ගෙනල්ලා සාරාගේ මවගේ DNA සහ මේ DNA සමග සංසන්දයන කළා, ඒක සැසඳුණේ නෑ. ඒක නිසා නැවත වරක් ඒවා ගොඩගන්නවා. මොකද ශරීර කොටස් … ශරීර සම්පූර්ණයෙන්ම නෙවෙයි. ඔයා දැක්කොත් එහෙම පුංචි ළමයි ගොඩක් මියගියා එතනින්. ඉතිං ඒවා සෑම දෙයක්ම ඊට පස්සෙ අපි චෙක් කරන්න ඕනෙ. ඒක තාම කළේ නෑ. ඉතිං එහෙම වුණොත් සාරා මැරුණාද නැද්ද කියලා අපි තාම දන්නෙ නෑ
මේවා සම්බන්ධයෙන් විමර්ශනය කළා. නමුත් මේවා සනාථ වෙන කිසිම සාක්ෂියක් ලැබිලා නෑ. සාරා මැරිලා නැත්නම් රෙඩ් නෝටිස් යවනවා ඉන්ටර්පෝල් එක හරහා, ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් 54 දෙනෙක් පිටරටදී අත් අඩංගුවට ගත්ත අයගෙන් 50 දෙනෙක් අපි ලංකාවට ගෙනල්ලා තියනවා” ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස මේ වන විට කාදිනල් මැල්කම් රන්ජිත් අගරදගුරුතුමන් රජයට බලකර තිබේ.

Share with your friends :