27 C
Colombo
16/11/2024

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී හා ප්‍රධාන ගුවන් නියමු තනතුරුවලින් ඉවතට

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී (HEAD OF FLIGHT OPERATIONS) ප්‍රවීන් වෙත්තමුණි හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු (CHIEF PILOT) චමින්ද ඩි සොයිසා එම තනතුරු වලින් ඉවත් කර තිබේ. පුහුණු ගුවන් නියමුවන් ගුවන් යානා වල වැරදි ආකාරයෙන් රැගෙන යාමේ සිද්ධියක් මීට මුල්වී තිබේ.
අදාළ තනතුරුවලින් ඉවත් කලද ඔවුන් තවදුරටත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන් ලෙස කටයුතු කරනු ලබයි.
නිසි ක්‍රමවේද යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණුවන ගුවන් නියමුවන් පුහුණු නොකිරීම හා ඔවුන් ගුවන් යානාවල රැගෙන යාම මගින් ආරක්‍ෂිත ගැටළු නිර්මාණය වීම හේතුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත පසුගිය දිනවල ලිඛිතව විරෝධය පලකරන ලදී.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී (HEAD OF FLIGHT OPERATIONS) හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු (CHIEF PILOT) තනතුරු වල වැඩ බැලීම සඳහා ප්‍රවීණ ගුවන් නියමුවෙකු වන කමල් ගුණවර්ධන පත් කර තිබේ. මේ අතර එම තනතුරු වලට නව පුද්ගලයන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

Share with your friends :