27 C
Colombo
19/01/2025

විවාහක රූ රැජිණ අර්බුදය ගැන ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානයත් මැදිහත්වෙයි

Share with your friends :

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගය ඇතිවූ අර්බුදය සම්බන්ධයෙන් ඇමරිකාවේ ලෝක රූ රැජින සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔවුන් සඳහන් කරන්නේ එහිදී කැරොලයින් ජූරිගේ හැසිරීම් තම සංවිධානයේ තිගැස්මට හේතුවූ බවයි.
කැරොලයින් එම තරඟයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට තිබෙන බවත් ඒ ගැන විමර්ශනය කරන බවත් ප්‍රකාශ කර ඇති එම සංවිධානය ලෝක විවාහක රූ රැජින ලෙස ඇය යහපත් හැසිරීම හා ඊට අයත් වගකීම් සම්බන්ධයෙන් බැඳී සිටින බවද කියා සිටී.
එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැරොලින් ජූරිගෙන් නිදහසට කරුණු විමසීමක් සිදු කරන බව ද සඳහන්ය.
කොලඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ නැවත උදුරා ගැනීම හේතුවෙන් ලෝක විවාහක රූ රැජින වූ කැරලියන් ජූරිට එම කිරුළ අහිමි වීමේ විශාල අවදානමක් ඇතැයි ශ‍්‍රී ලංකා රූ රැජිණ සම්බන්ධීකාරක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
එම කිරුළ වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු එකක් නිසා එරය අහිමි වීම ඉමහත් වේදනාවක් බවත් පවසන ඔහු එය රැක ගැනීම සඳහා තමන් උපරිම උත්සාහ දරන බව ද පවසයි.
විවාහක රූ රැජින .තරගයේ දී කිරුළ නැවත උදුරා ගැනීමේ නිරතවු කැරොලින් ජුලීගේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් ඇමැරිකාවේ පිහිටි ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ සංවිධායක මණ්ඩලය වෙත දැනුම් දුන් බව ලංකාවේ ප‍්‍රථම ලෝක විවාහක රූ රැජින සහ කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.
ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින කිරුළ පළන්ඳවා එය බලහත් කාරයෙන් ගැලවීම කැරොලින් ජුරි ට කිසිදු සදාචාරත්මක අයිතියන් නොමැති බවත් ඇය සිදුකර ඇත්තේ රටට විශාල රටට අපකීර්තියක් මෙන්ම, රූ රැජිනක් වශයෙන් කිසිවකු නොකරන පිළිකුල් සහගත කි‍්‍රයාවක් බවද පවසන සේනානායක මහත්මිය මෙම තරඟය ජාත්‍යන්තර තරගාවලියක් බැවින් ලොව පුරා එම ප‍්‍රචාරය වන බවත්, අපේ රට මෙන්ම ලෝක විවාහක රූ රැජින තරඟවලියේ ඇමැරිකාවේ සංවිධායක මණ්ඩලය ද අපහසුතාවයට පත් වන බැවින් තමන් මෙලෙස ඔවුන් දැනුවත් කිරීමට පියවර ගත් බවද පැවසුවාය.
පුෂ්පිකා ද සිල්වා සම්බන්ධයෙන් ගැටළුවක් තිබේනම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට ඇයට ඕනා තරම් කාලයක් තිබු බවත් එසේ සිදුනොකර ඇය සිදුකළ මෙම අශෝභන කි‍්‍රයාව කාන්තාවක් වශයෙන් කිසිසේත් අනුමත නොකරන නින්දිත කි‍්‍රයාවක් බවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත සිය කණගාටුව පල කරන බවද රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Share with your friends :