27 C
Colombo
19/01/2025

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට තිබු බාධාව ඉවතට – අවසරය අනවශ්‍යයි

Share with your friends :

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට මින් ඉදිරියට ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව රජය ප්‍රකාශ කරයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ අවසර ලබා ගැනීම අහෝසි කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක බාලසුබ්‍රමනියම් කාන්දීපන් මහතා පවසයි.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉකුත් වසරේ මාර්තු 16 වැනිදා සිට මෙරට ගුවන් තොටුපොළ වල් වසා දැමීමට රජය තීරණය කළදා පටන් වසරකට ආසන්න කාලයක් තිස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙකු හෝ , විදේශිකයෙකු මෙරටට පැමිණීමේදී විදේශ අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතු බවට රජය තීරණය කර තිබු අතර ඒ හේතුවෙන් විවිධ ගැටළු ඇති විය.
විදෙස්ගත ලාංකිකයින්ට අමතරව විදේශීය නාවිකයින් වරායන් හෝ ගුවන් මගින් මෙරටට පැමිණීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බවට පනවා තීබූ තීරණයද අහෝසි කර තිබේ.

Share with your friends :