නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1844 දෙනෙකු පැන ගොස් තිබේ. මෙම බන්ධනාගාරයේ සිටි සිර කරුවන් අතරින් 35 දෙනෙකු පැනයාම ප්රතික්ෂේප කර තිබිණි. තවත් සිරකරුවන් හය දෙනෙකු ආපසු පැමිණ තිබේ. ඔවේරි නගරයේ බන්ධනාගාරයක සිරකරුවන් මෙසේ පන ගොස් තිබේ.
එරට තහනම් අන්තවාදී සංවිධානයක් විසින් එම බන්ධනාගාරය වෙත ප්රහාරයක් එල්ල කර මෙම සිරකරුවන් මුදවා ගෙන ඇතැයි පැවසේ.