27 C
Colombo
19/01/2025

කොරොනා එන්නතේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් 19 වැනිදා සිට – සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ

Share with your friends :

කොරොනා එන්නතේ දෙවැනි මාත්‍රාව අප්‍රේල් 19 වැනිදා සිට ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් වෙන්කර තිබෙන බව වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
එම එන්නත් ප්‍රමාණය ලබා දෙන අතරතුර අලුතින් මිලදී ගැනීමට ඇනවුම් කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා එන්නත් තොගයත්,කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් තොගයකුත් ලැබීමට නියමිත බැවින් කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැන නගින්නේ නැති බව ද රාජ්‍ය අමාත්‍යවරිය පවසයි.
කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ජනවාරි 29 වැනිදා ලබාදෙන විට දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිතව තිබුනේ සති හතරකට පසුව වුවත් නව පර්යේෂණ වල තොරතුරු වලට අනුව දෙවන මාත්‍රාව දිය යුතු කාලය සති 10- 12 අතර කාලයකට කල් දැමීමට හැකියාව පවතින බව තහවුරු වී තිබෙන බවද වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ අතර ඉන්දියාව ඇස්ට්‍රාසෙනිකා ඒන්නත් අපනයනය කිරීමේ තහනමක් පනවා නැතැයි ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ඉකුත් දා ඒ් බව තහවුරු කර ඇතැයි ද මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ඉන්දියාව ඉකුත් සතියේදීත් ලොව රටවල් රැසකට ඒන්නත් අපනයන කළ බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් ඒන්නත් මාත්‍රා ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට සපයා තිබෙන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Share with your friends :