27 C
Colombo
16/11/2024

ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණ-උපවාසයට දින 30

Share with your friends :

ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා එම ණය බරින් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.
එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ නන් දෙසින් පැමිණි කාන්තාවෝ 1000කට අධික පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
ණය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඔවුන් හිඟුරක්ගොඩ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට අදට(06) දින 30ක් සපිරෙන බව එම කාන්තාවෝ කියා සිටිති.
ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බවට මෙම ප්‍රදේශ නියෝජනය කරන දේශපාලනඥයෝ මැතිවරණ සමයේ පොරොන්දු දී තිබිණි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත කාන්තාවන් විශාල සංඛ්‍යාවක් එම ණය ගෙවා ගත නොහැකිව මේ වන විට සිය දිවි හානි කර ගෙන තිබේ. එසේම තරුණ කාන්තාවන් රැසක් අදාල සමාගම්වල ණය එකතු කරන නියෝජිතයන් විසින් අපයෝජනයට ලක් කර ඇතැයිද චෝදනා එල්ල වී තිබේ.

Share with your friends :