27 C
Colombo
19/01/2025

පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම්-දැනට වගාකළ කටුපොල් ගලවා ඉවතට

Share with your friends :

බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කෙරෙන බවට චෝදනා එල්ලවී ඇති පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ.
මේ අනුව පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් වහාම නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයාට උපදෙස් දී තිබේ.
මේ වන විටත් ආනයනය කර ඇති පාම් තෙල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙස ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස්දී තිබේ.
මේ සමඟම කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී තිබේ.
කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා මීට මාස හයකට පෙර උපදෙස් දී තිබූ අතර කටු පොල් වගාව අදියරෙන් අදියර ගලවා රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට වැඩි දුරටත් උපදෙස් දී තිබේ. පසුගිය කාලය පුරා කටුපොල් වගාව මෙරට ව්‍යාප්ත කිරීම සඳහා සංවිධානාත්මක පිරිස් රුපියල් මිලියන ගණන් වැය කර ප්‍රචාරක වැඩසටහන් දියත් කර තිබිණි. මේ අතර පසුගිය කාලයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේදී ද කටුපොල් වගාව නතර කරන බවට සඳහන් කර තිබිණි.
කටුපොල් වගාව නිසා පස් නිසරුවී මුඩුබිම් ඇතිවූ අතර සරුසාර රබර් ඉඩම් හා පොල් ඉඩම් වල එම ගස් කපා දමා කටු පොල් ව්‍යාප්ත කෙරිණි. මේ නිසා දසදහස් ගණන් පිරිස් වලට රැකියා අහිමි විය. ඒ පොල් හා රබර් වලට සාපේක්ෂව මේ සඳහා ඉතාම අඩු කම්කරුවන් ප්‍රමාණයක් අවශ්‍ය වීම නිසාය.

Share with your friends :