27 C
Colombo
24/02/2025

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

Share with your friends :

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.

එම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති අතර එහි සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ.

ඒ අනුව, සිදුකළ හැකි චාරිත්‍ර වාරිත්‍ර, හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම්, එක් එක් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී සැලකිලිමත්විය යුතු කරුණු, අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි, ගමන් බිමන් යෑමේදී අනුගමනය කළ යුතු උපදෙස් ආදී වශයෙන් ඉන් පැහැදිලිකර තිබේ.

අවුරුදු උත්සව වලදී එක් අවස්ථාවකට රැස්විය හැකි පිරිස 100කට සීමා කර තිබෙන අතර සුදුපුරුදු ලෙස සමාජ දුරස්ථභාවය තබා ගනිමින් කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු වෙයි.

විශේෂයෙන් කඹ ඇදීම සහ කොට්ට පොර ගැසීම ක්‍රීඩා වලින් වළකින ලෙසද උපදෙස් ලබා දී ඇත.

Share with your friends :