27 C
Colombo
20/01/2025

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය දෙවන ටෙස්ට් තරගයත් ජය පරාජයෙන් තොරවෙයි

Share with your friends :

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කල අතර එහිදී ඔවුන් සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණූ 354ක් රැස් කළහ.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම ඉනිම සඳහා ලබාගත හැකි වුයේ ලකුණු 258ක් පමණකි.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 280ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදිමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් අතර
ලකුණු 377ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය නිමා වනවිට ලබාගත හැකි වුයේ කඩුලු 02ක් දැවී ලකුණූ 193ක් පමණකි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 66 ක් ලබා ගත්තේය.දිමුත් කරුණාරත්න ලකුණු 75ක් රැස් කළේය.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ද අවසන් වූයේ ජය පැරදුමෙන් තොරවය.

Share with your friends :