27 C
Colombo
25/11/2024

පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රීලනිප – පොහොට්ටු විශේෂ සාකච්ඡාවේ තීරණයක් නැහැ

Share with your friends :

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇත.
ශ්‍රීලනිපයේ ඉල්ලීම පරිදි මෙම සාකච්ඡාව පැවැත්වී ඇති අතර ඊට එම පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මීට සහභාගී වී ඇත්තේ බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී. එල්. පීරිස් සහ සාගර කාරියවසම් යන මහත්වරුන් ය.
මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
“ඒක ආරම්භක සාකච්ඡාවක්. ඒ අය කිව්වා, හැම මාසෙම රැස්වෙලා ප්‍රශ්න සාකච්ඡා කළොත් හොඳයි කියලා. පළවෙනි සාකච්ඡාවේදී තීරණයකට එළඹීමට පුළුවන්කමක් තිබුණේ නෑ. අපේ උත්සාහය හදපු සන්ධානය රැක ගැනීම. පළාත් සභා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොටසක්. පළාත් සභා සම්පූර්ණයෙන් අමතක කරලා, මැතිවරණ පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්කමක් නෑ, පළාත් සභා ක්‍රමයට ඇතැමුන් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කොටසක් , පළාත් සභා අමතක කර දමා මැතිවරණ නොපත්වා සිටිය නොහැකියි,පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටියහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්
එහෙයින් කැබ්නට් මණ්ඩලයේ දේශපාලන තීන්දුවක් මත කුමන මැතිවරණ ක්‍රමය යටතේ එම මැතිවරණය පැවැත්වීම සුදුසු ද යන්න තීරණයක් ගත යුතුයි,
එම එකඟතාව අනුව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර එය සම්මත වූ පසු රට පුරාම පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකියි” යනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

Share with your friends :