තායිවාන මගී දුම්රියක් උමං මාර්ගයක් තුළ පීලි පැනීමට ලක් වීමෙන් 48 දෙනකු මිය ගොස් පත් වී සියයකට වැඩි පිරිසක් පිරිසක් තුවාල ලැබූහ.
තවමත් 70 කට අධික මගීන් පිරිසක් උමං මාර්ගය තුල සිරවී සිටිති.
පීලී පැනීමත් සමඟ දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී උමඟ තුළ සිරවී ඇත. මේ නිසා දුම්රිය මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
දුම්රිය තායිපේ සිට ටයිටුඅංග් නගරය බලා ධාවනය වෙමින් තිබියදී අනතුරට ලක්ව තිබේ. අනතුරට පත්වන විට එහි මගීන් 500 ක් ගමන් කර ඇත.
මෙය එරට ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුරයි.
