27 C
Colombo
25/11/2024

යුරෝපයේ උසස් අධ්‍යාපන සිහින පෙන්වා කෝටි ගණන් වංචා කල පියා සහ දරුවන් රිමාන්ඩ්

Share with your friends :

යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් සිදුකල බවට කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් පියා දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නොළුම්දෙණිය මහතා නියෝග කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි 108 ලැබී ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලි 17ක් ඇතුළුව කොළඹ අධිකරණ සියල්ලේම මෙයට අදාල පැමිණිලි ලැබී තිබිණි.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ දිසානායක මුදියන්සේලාගේ විජේරත්න (පියා) සංඛ ලක්මාල් දිසානායක,(පුතා) ඉෂාරා සඳමාලි දිසානායක(දි්‍යණිය) වින්ධ්‍යා දිසානායක(දියණිය) සහ කේමින්ද (බෑනා) යන පස් දෙනාය. සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බුර්කාවකින් සැරසී වෙස්වලාගෙන සිට ඇත.

Share with your friends :