පොල්තෙල් වංචාවට සම්බන්ධ සියලු දෙනා ලගදීම අත්අඩංගුවට ගන්නා බවද පාම් ඔයිල් වැනි තෙල් වර්ග ගෙන්වන පිරිස් වල යම් කුමන්ත්‍රණයක්ද මෙය පසුපස ඇත්දැයි පරීක්ෂා කරන බවද , වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරුවක් කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.
අදාළ ඉල්ලීම් ලිපිය සමාජ මාධ්‍යයට නිකුත් වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද ,එම ලිපිය පොලිස්පති කාර්යාලයෙන් නිකුත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇතැයිද මුහුණු ආවරණ තහනම අද හෙටම ක්‍රියාවට නංවනවන බවද අමාත්‍යවරයා සඳහන් කලේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග පවත්වන ලද සංවාදයකදීය.