27 C
Colombo
19/01/2025

කොවිඩ් නිසා ප්‍රංශයේ පාසල් වැසේ

Share with your friends :

ප්‍රංශයේ කොවිඩ් රෝගීන් ඉහල යාමත් සමග ප්‍රංශයේ පාසැල් වසා දමා තිබේ. මේ අනුව අඩුම තරමින් සති තුනක් පාසැල් වසා දමන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන සතියේ සිට පාසල් ඔන්ලයින් ක්‍රමයට ආරම්භ කෙරේ.
සෙනසුරාදා සිට ප්‍රංශයේ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමෙන අතර අත්‍යවශ්‍ය නොවන කරුණකට හැර කිලෝමීටර් 10 කට වඩා ගමන් කිරීමද ජනතාවට තහනම් කෙරේ.
මේ වන විට ප්‍රංශයේ 5000 කට වැඩි පිරිසක් ප්‍රංශයේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල සිටිති.
මේ වන විට එරට අසාදිත සංඛ්‍යාව ලක්ෂ 46 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 95495 ඉක්මවා තිබේ.

Share with your friends :