27 C
Colombo
19/01/2025

ඩොලරය නොනැවතී ඉහලට – ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහල යන ලකුණු ?

Share with your friends :

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 202 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ. ඩොලරය ඉහල යාම ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ඍජුවම බලපායි. චීනය විසින් ශ්‍රීලංකාව විශාල ණයක් ලබාදී තිබියදී මෙසේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම විශාල ගැටලුවකි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (31) රුපියල් 202.04ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.62ක් ලෙසත් දැක්විණි.මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.
ඉන් අනතුරුව ඉකුත් දා (16) නැවත වරක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය ඉකුත් (17) වැනිදා 201 සීමාව ඉක්මවා පහළ ගියේය.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1 කින් අවප්‍රමාණය වී ඇත.

Share with your friends :