27 C
Colombo
19/01/2025

බැරක් ඔබාමාගේ කෙන්යානු මිත්තනිය සාරා ඔබාමා මිය යයි

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ කෙන්යානු ජාතික මිත්තනිය වූ සාරා ඔබාමා මිය ගොස් තිබේ. මිය යන විට ඇය 99 වන වියෙහි පසු වුවාය. සාරා ඔබාමා
බැරක් ඔබාමා ගේ සීයාගේ තුන්වන හා ලාබාලතම බිරිඳයි.
2008 ඇමරිකානු ජනාධිපතිවරණ සටන අතරතුර බැරක් ඔබාමාගේ උපත සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ විට ඔහු වෙනුවෙන් පෙනී සිටියේ ඇයයි. 2008 ජනාධිපතිවරණය අතරතුර බැරක් ඔබාමා මුස්ලිම් ජාතිකයෙකු බවටත් , ඇමරිකාවේ උපත ලැබුවෙකු නොවන බවටත් ප්‍රතිවාදීන් විසින් චෝදනා කරන ලදී. එහිදී සාරා ඔබාමා එම චෝදනා ප්‍රතිෂේප කළාය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය දරන්නට නම් උපතින් ඇමරිකානුවෙකු විය යුතුය.
බැරක් ඔබාමා ඇමරිකාවේ මුල්ම කළුජාතික ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු සාරා ඔබාමා ගේ නිවස කෙන්යාවේ සංචාරක ආකර්ශනයක් බවට පත් විය.
ඇය කෙන්යාවේ කිසුමු නගරයේ රෝහලකදී මිය ගොස් තිබේ.2006 වසරේ ඉලිනෝස් හි සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කරද්දී බැරක් ඔබාමා සිය මිත්තනිය බැලීමට කෙන්යාවට පැමිණියේය.

Share with your friends :