ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව හිටපු ජනාධිපති සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (30) මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
“පාර්ලිමේන්තු මැතිවරණයේදී අභියෝගය මැද නොයෙකුත් විවේචන විඳගනිමින් අපේ පක්ෂයේ ඡන්දයෙන් පත්වුණු 13 දෙනා පාර්ලිමේන්තුවට ලේසියෙන් ගියේ නැහැ. අපේ බලාපොරොත්තුව අනාගතයේ නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වටා එකතුවෙන්න කියලා ජනතාවට ආරාධනා කරනවා.
“