27 C
Colombo
20/01/2025

මියන්මාරයේ සාමාන්‍ය වැසියන් 114 ක් මරා දැමු රාත්‍රියේ හමුදාවේ සුපිරි සාදයක්

Share with your friends :

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදුනු 114 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසුව එරට ලෙයින් තෙත්ව තිබියදී එදින රාත්‍රියේ හමුදා දිනය නිමිත්තෙන් එරට හමුදාවේ ඉහල නිලධාරීන් පිරිස සුපිරි සාදයක් පවත්වා තිබේ.
මේ වන විට මියන්මාර හමුදා ප්‍රහාර වලින් නිරායුධ සාමාන්‍ය ජනතව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රධාන රටවල් රැසක් දැඩි විරෝධය පල කර තිබේ.
දැනට එරට හමුදා පාලකයන්ට එරෙහිව ලොව ප්‍රධාන රසවල් රැසක් දැඩි විරෝධය පළකර ඇති අතර දැනට ඊට විරෝධය පළකර නැත්තේ චීනය හා රුසියාව පමණි.
චීනය හා රුසියාව දිගින් දිගටම මියන්මාර හමුදා පාලකයන්ට පක්ෂපාතීව හැසිරිනු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය සතුව එම රටවල් දෙකට ඇති නිශේධ බලය නිසා ආරක්ෂක මණ්ඩලය හරහා මියන්මාරයට එරෙහිව පියවර ගැනීම පහසු නොවනු ඇත.

Share with your friends :