අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රට පුරා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැගිට වීමට ප්‍රමාද වන්නේ මන්දැයි රටේ සෑම ප්‍රදේශයේ ජනතාව විමසන බවත්
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව ඒ ගැන විමසන බවත් ලිපි එවන බවත් අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැගිටවීම ජනතා අවශ්‍යතාවයක් බවට පත්වී ඇතැයි ද ඒ මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් යෝධයා නැගිටවීමේ වැඩපිළිවෙළේ දැන් තමන් සිටින බවද මැද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.