27 C
Colombo
25/11/2024

වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල්වලත් ඇෆ්ලටොක්සීන් පරීක්ෂාවට

Share with your friends :

වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල සීයකින් අටක් පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගුදැයි සොයාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් සංවර්ධන මණ්ඩලයට භාරදී තිබේ. පොල් සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ අංශය ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් සතියකදී බාරදීමට නියමිතය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ එම පොල්තෙල් සාම්පල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන පැවැත්වූ අහඹූ ලෙසය.
මේ අයුරින් දිවයිනේ තවත් ප්‍රදේශවලින් පොල්තෙල් සම්පල ලබාගැනීම ඉදිරියටත් සිදුකෙරන බවත් එම අධිකාරියේ කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Share with your friends :