27 C
Colombo
20/01/2025

බෙලරුස් ජනපතිට එරෙහි විරෝධතාවලදී මාධ්‍යවේදීන් 5 ක් ඇතුළු 110 ක් අත්අඩංගුවට

Share with your friends :

බෙලරූස්හි ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකශේන්කෝ හට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවති උද්ඝෝෂණ වලට සහභාගිවූ 110 කට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස් අතර මාධ්‍යවේදීන් පස් දෙනෙකුද වෙති.
පසුගිය අගෝස්තු මාසයේ පැවති දුෂිත ජනාධිපතිවරණයෙන් පසුව මෙම උද්ඝෝෂණ ආරම්භ වී තිබේ.
මේ වන විට එරට විපක්ෂ නායකයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන හෝ රටින් පල ගොස් හෝ සිටිති. පසුගිය ජනාධිපතිවරණයට තරග කල ස්වෙට්ලානා ටිකනොස්කායා මේ වන විට ලිතුවෙනියාවට පලා ගොස් තිබේ.
බෙලරූස්හි ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකශේන්කෝ වසර 27 ක් අඛණ්ඩව බලයේ සිටින අතර ඔහුට රුසියාව දැඩි සහයෝගයක් සලසයි. මේ වන විට යුරෝපා රටවල් බෙලරුස් හි දේශපාලනඥයින් හා ප්‍රධාන පෙලේ නිලධාරීන් ඇතුළු 43 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා ඇති අතර සංචාරක තහනම්ද ක්‍රියාත්මක කර තිබේ.

Share with your friends :