ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් හට කොරෝනා ආසාදනය වී තිබේ. තමන් කොවිඩ් ආසාදිතයකු යැයි තෙන්ඩුල්කාර් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
“මා ආසාදිතයකු බව තහවුරු වුණා. දැන් මා හුදෙකලා වී පසුවෙනවා. මා නිවසේ රැදී ඉන්නවා. මාගේ ආශ්‍රිතයන් සියලු දෙනා ද පීසීආර් පරීක්ෂණවලට යොමු කෙරුණා. මට වෛද්‍ය උපදෙස් ලබා දෙන වෛද්‍යවරුන්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ටත් මා ස්තුති කරනවා” යැයි 47 හැවිරිදි තෙන්ඩුල්කාර්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.
පසුගියදා ප්‍රවීනයන්ගේ ලෝක කුසලානයේද ඉන්දීය නායකත්වය දරමින් ඔහු ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවීය. ලොව එක්දින හා ටෙස්ට් ක්‍රිකට් තරගාවල වැඩිම ලකුණු ලාභියා වන්නේද ඔහුය.