27 C
Colombo
20/01/2025

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව මියන්මාර හමුදා පාලක පවසයි-දැනට 320 ක් මරලා

Share with your friends :

මියන්මාරය තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව එරට හමුදා පාලක මින් ඖන් ලෙයින් ප්‍රකාශ කර තිබේ. එරට හමුදා දිනය නිමිත්තෙන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
අදත් මියන්මාරයේ හමුදා රජයට එරෙහිව විරෝධතා පැවති අතර එහිදීද තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.
මෙහිදී හමුදා පාලකයා සඳහන් කලේ රටේ මැතිවරණයක් පවත්වන බවයි. එහිදී ඒ සම්බන්ධ දින වකවානු ඔහු ප්‍රකාශ කලේ නැත. එසේම රජයට එරෙහිව උද්ඝෝෂණ නතර කල යුතු බවද ඔහු සඳහන් කළේය. මේ වන විට එරට හමුදාව හා පොලීසිය විසින් උද්ඝෝෂණ වලට එල්ලකළ ප්‍රහාරවලින් 320 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
අවුන්සාන් සුකී ගේ සහ ඇගේ පක්ෂයේ නීතිවිරෝධී කටයුතු නිසා හමුදාවට එරට බලය ලබා ගන්නට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.
එහෙත් සාමාන්‍ය ජනතාවට වෙඩි තබන්නට හේතුව කුමක්දැයි ඔහු සඳහන් නොකළේය.

Share with your friends :