27 C
Colombo
20/01/2025

චීන යුද ගුවන් යානා 20 ක් තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කරයි

Share with your friends :

චීන යුද ගුවන් යානා 20 ක් තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් තායිවානය අසලින් ගමන් කිරීම සම්බන්ධයෙන් තායිවානය දැඩි විරෝධය පල කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් තායිවානය තම මිසයිල පද්ධති එම ප්‍රදේශයට ස්ථාන ගත කර ඇත. එසේම එහිදී තායිවානය විසින් සිය ප්‍රහාරක යානා යොදවා චීන ගුවන් යානා වලට අනතුරු හැඟවීම් සිදු කර ඇත.මේ හේතුව නිසා එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවී තිබේ.
එම ප්‍රදේශයේ මේ සතිය මුලදී ගුවන් අභ්‍යාස වල නිරතවූ තායිවාන යුද ගුවන් යානා දෙකක් අභිරහස් ලෙස අනතුරට පත්වූ අතර ඊට හේතුව තවමත් සොයා ගත නොහැකිවී තිබේ.මේ ආකාරයට එම කලාපයේ ගුවන් අභ්‍යාස වල යෙදුනු යුද ගුවන් යානා අවස්ථාවන් තුනකදී අනතුරට පත්ව තිබේ.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය හා තායිවානය අතර ආරක්ෂාවට සම්බන්ධ ගිවිසුමක් ඇතිකරගෙන තිබේ.
තායිවානය හා ඇමරිකාව අතර තානාපති සම්බන්ධතා නැතත් තායිවානයේ ප්‍රධානතම ආයුධ සැපයුම්කරු ලෙස මෙම ගිවිසුම ඇතිකර ගෙන තිබේ.

Share with your friends :