27 C
Colombo
20/01/2025

ගබ්සාවකදී හෝ මල දරු උපතකදී වැටුප් සහිත නිවාඩු ලබාදීමට නවසීලන්තය තීරණය කරයි

Share with your friends :

ගබ්සාවකදී හෝ මල දරු උපතකදී එම කාන්තාවට හා ඇගේ සහකරුට වැටුප් සහිත නිවාඩු ලබාදීමට නවසීලන්ත පාර්ලිමේන්තුව නව නීති සම්මත කර තිබේ.
ලොව මෙවැනි නීතියක් සම්මත කරන ලද දෙවැනි රට නවසීලන්තය වන අතර පළමු රට ඉන්දියාවයි.
මේ නීතිය නවසීලන්ත පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූ අතර ඒ අනුව එවැනි අවස්ථාවක අදාල කාන්තාවට හා සහකරුට දින තුනක වටුප් සහිත නිවාඩු හිමිවේ.
නවසීලන්තයේ සෑම කාන්තාවන් සිවුදෙනෙකු අතරින් එක අයකුටම ගබ්සාවන් සිදුවන බව සඳහන්වේ.
පසුගිය් වසරේ නවසීලන්තයේ ගබ්සාව අපරාධ නීතියෙන් ඉවත් කරන ලද අතර ඒ යටතේ දරු ගැබට සති 20 ක් ගතවන තුරු ගබ්සාව සමබධයෙන් තීරණ ගැනීමට කාන්තාවන්ට අවස්ථාව සැලසේ.

Share with your friends :