27 C
Colombo
20/01/2025

සූවස් ඇලේ නැව් 216 ක් දැනට හිරවෙලා-ලෝක ඉන්ධන හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහලට

Share with your friends :

ඊජිප්තුවේ සුවස් ඇල හරහා විශාල කන්ටේනර් නැවක් සිරවීම නිසා එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය ඇනහිටීම නිසා ලෝක ඉන්ධන මිල හා අනෙකුත් ආහාර මිල ගණන් ඉහළයාමේ තත්වයක් ඇතිවී තිබේ. ඒ අදාළ නෞකාව සිරවීමත් සමග යුරෝපය හා ආසියාව අතර සැපයුම් මාර්ග ඇනහිටීම නිසාය. මේ වන විට මෙම නැව් 216 ක් මෙම මාර්ගයේ සිරවී පවතී.
ඊජිප්තුවේ සුවස් ඇල හරහා එවර් ගිවන් නමැති විශාල කන්ටේනර් නැවක් සිරවීම නිසා එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය දැනට දින කීපයක් තිස්සේ ඇනහිට තිබේ. මෙම නැව සිරවීමට හේතුව දරුණු සුළං තත්වයක් පැවතීම බව පැවසේ.
මෙම නෞකාව එවර්ග්‍රීන් නැව් සමාගමට අයත්ය. එය පැනමාවේ ලියාපදිංචි කර ඇති අතර චීනයේ සිට නෙදර්ලන්තය වෙත යාත්‍රා කරමින් සිටින අතරතුර සුවස් ඇල හරහා යාමේදී සිරවී තිබේ.ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නැවක් වන මෙහි කන්ටේනර් 20,000 ක් ඇති අතර එහි බර ටොන් 220,000 කි.
අඩි 1300 ක් දිගින් හා අඩි 194 ක පළලින් යුත් මෙම නෞකාව 2018 වසරේ නිෂ්පාදනය කරන ලද්දකි. මේ වන විට ටග් යාත්‍රා අටකින් එම නෞකාව කෙලින් කරන්නට උත්සාහ ගත්තද තවමත් එය සාර්ථක වී නොමැත. 1859 ඉදිකිරීම් ආරම්භ කල සුවස් ඇල 1869 දී වැඩ අවසන් කරන ලදී . එය මධ්‍යධරනී මුහුද සහ රතු මුහුද යාකරනු ලබයි. එය ආසියාව හා යුරෝපය යා කරන කෙටිම මාර්ගය වේ. සූවස් ඇල මාර්ගය කිලෝමීටර් 193.3 ක් දිගින් යුක්තය.
මෙම නෞකාව ඉවත් කිරීමට කොතරම් කාලයක් ගතවේදැයි තවමත් කිව නොහැකි අතර එය ඇතැම් විට සති කීපයක් වීමටද ඉඩ තිබේ.

Share with your friends :