27 C
Colombo
20/01/2025

සිංහරාජයේ ජලාශ හදන්නේ චීන සමාගම්වලට වතුර දෙන්න-පාහියන්ගල ආනන්ද සාගර හිමි

Share with your friends :

සිංහරාජයේ ජලාශ ඉදිකරන්නේ මෙරට ජනතාව වෙනුවෙන් නොව හම්බන්තොට ප‍්‍රදේශයේ ආරම්භ කරන චීන ව්‍යාපෘති සදහා බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
එම ජල යෝජනා ක‍්‍රමයෙන් 80 %ත් චීන ව්‍යාපෘති සදහාත් ඉතිරිය ගොවීන් සදහාත් ලබා දීමට යෝජනා වී ඇතැයිද උන් වහන්සේ පැවසූහ.
පසුගියදා ලංකාගමට මාර්ගයක් ඉදි කරන ලද්දේ එහි ජනතාව වෙනුවෙන් නොව මෙම ව්‍යාපෘතියට අවශය යටිතල පහසුකම් වෙනුවෙන් යයිද උන් වහන්සේ කියා සිටිති.
මේ අතර පසුගියදා පරිසරවේදී සජීව චාමිකර මහතාද පැවසුවේ
සිංහරාජ රක්ෂිතය තුළ ජලාශ දෙකක් ද සජිතව යෝජනා කර ඇති ගිං – නිල්වලා ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සුක වී ඇත්තේ හම්බන්තොට කර්මාන්ත පුරයෙහි ආයෝජනය කිරීමට සූදානමින් සිටින චීන සමාගම්වල බලපෑම නිසා බව යි.
“ඉතාම පැහැදිලිව අපි දන්නවා මේ වනවිට හම්බන්තොට මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය කරන ජලය ගේන්න පළවෙනිම සැලසුම තමයි උමා ඔය ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළා, පරිසර ඇගයීම් වාර්තාව සම්පූර්ණයෙන්ම නීති විරෝධී වාර්තාවකට මධ්‍යම පරිසර අධිකාරියෙන් බලහත්කාරයෙන් අනුමැතිය ලබාගෙන තමයි ව්‍යාපෘතිය ආරම්භ කළේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදියට අද වනවිට පවුල් 17500 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්නයෙන්ම අවතැන් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා තියෙනවා.
එතකොට ඒ ජලය ගේන්න බැරි හින්දා මේ වනවිට ගිං – නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න හදනවා. මේ ජලය ගේන්නෙ ජල කොල්ලයකට මිසක් ජනතාවට ජලය ලබාදෙන්න නෙවෙයි. අපි දන්නවා මේ වනවිට හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දෙනකොට මූලික එකඟතාවයක් තියෙනවා ඒ ආශ්‍රිතව තව අක්කර 15000ක් දෙන්න චීන කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්න. මේ වනවිට දිගින් දිගටම චීන සමාගම් විසින් බලපෑම් කරනවා ජල ප්‍රශ්නයට විසඳුම් සපයලා දෙන්න, ඒගොල්ලන්ගෙ ආයෝජන කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ සඳහා තමයි මේ සැලසුම සකස් කරන්නෙ” සජීව චාමිකර මහතා මේ බව පැවසුවේ පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share with your friends :