27 C
Colombo
19/01/2025

සඟ සසුන් කෙත පෝෂණය කළ කොටුගොඩ මහා නාහිමි පඬිරුවන

Share with your friends :

මුළු ජීවිතයම බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කැප කල මහායතිවරයන් වහන්සේලා සොබා දහමේ සත්‍යය පහදා දෙමින් නික්මයාම වචනයෙන් කියා නිමකල නොහැකි අඩුපාඩුවකි. එම හිස්තැන යලි කිසිවෙකුටත් පිරවිය නොහැකිය. දැනෙන සංවේගයද සැණෙකින් නිවාලිය නොහැකිය. පැර‚ භික්ෂු පරම්පරාවේ අති ගෞරවණීය මහාස්ථවිරයන් වහන්සේලා තව ඇත්තේ කිහිප නමකි. මේ සසුන අහසක් නම් එකී අහසෙහි දි¨න පුර සඳ වන් එකී පැර‚ භික්ෂ ුපරම්පරාවේ තවත් අග්‍රණ්‍ය එක් පුරුකක් වූ කොටුගොඩ මහනාහිමිපාණන් දිවිමඩලෙන් සමුගෙන ගොසිනි. මේ වදන් පෙළ උන්වහන්සේට පුෂ්පෝපහාරයක් ම වේවායි මගේ පැතුමය.
නාහිමිපාණන් වහන්සේ පිළිබඳව යමක් පවසන්නට පෙර මෙම පැරණි භික්ෂු පරම්පරාව පිළිබඳව වචනයක් සඳහන් කළ යුතුමය. වර්ථමානය වන විට නවීන ලෝකයේ විවිධ තාක්ෂණික උපකරණ තරුණ භික්ෂු පරම්පරාව අතරටද දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බව නොරහසකි. එවන් කිසිදු විශේෂ වරප්‍රසාද හෝ තෑගි බෝග නැතිව රළු කඨෝර පැවිදි මගක ගල් බොරළු උඩින් ඇවිද විත් චීවරයත් බුදු සසුනත් රැකගත් උන්වහන්සේ ලා සදා පූජනීයය. සාමණේරයන් වහන්සේලා ලෙස හෝ තරුණ භික්ෂුන් වහන්සේලා ලෙස එකී පැරණි මහසඟ පරපුරේ හිමිවරුනට විශේෂ දෙයක් ලැබුණා නම් ඒ පෑනක් පැන්සලක් වැනි දෙයකි. එසේත් නැතිනම් රබර් සෙරෙප්පු දෙකක් හෝ දුලබ ලෙස ලැබිය හැකි සිවුරකි. වර්තමානයේ සියළු සැප සම්පත් දීත් සසුනෙහි රඳවන්නට අපහසු කළ අති දුෂ්කර වූ කාලයක සිට චීවරය රැකගත් උන්වහන්සේලාට පුදන්නේ කවර පුෂ්පයක්දැයි නොදනිමි.
බොහෝ විට අතීත භික්ෂුන් වහන්සේලාට සිවුරක් පවා සොයා ගැනීම පහසු නොවීය. සෙරෙප්පු දෙකක් ලැබීම යනු අති විශාල දෙයකි. පිණ්ඩපාතයේ බොහෝ දුරක් නිරුවත් දෙපයින් ම වැඩම කර ගම් නියම්ගම් හි අසරණ මිනිසුන් සමග දුක්ඛයම වලඳා සසුන රැකගත්හ. අපේ පින්වත් නාහිමිපාණන් වහන්සේ ද එවන් උත්තරීතර මහසඟ පරපුරක වන්දනීය සාමාජිකයෙකි. උන්වහන්සේ උපත ලබන්නේ 1933 ජනවාරි මස 23 වන දා කොටුගොට ග්‍රාමයේදීය. පවුලේ බාලයා වූ උන්වහන්සේ ට තවත් සොයුරු සොයුරියන් සය දෙනෙකි. කොටුගොඩ පාසලෙන් අධ්‍යාපනය ලබන උන්වහන්සේ පැවිදි බිමට පත් වන්නේ 1948 අගෝස්තු මස 17 වන දින දීය. ඒ වන විට ලෝක යුද්ධය හමාර වී වසර තුනක් පමණ ගත ව වූ කාලයයි. සාමාන්‍ය ජනජීවිතය පවා බොහෝ දුෂ්කරතා වලින් පිරී තිබූ මෙම යුගය භික්ෂු ශාසනයටද ඉතා දුෂ්කර කාලයක් වූ බව සඳහන් ය. එවන් යුගයක සිට මේ දක්වා පැමිණි ඒ උත්කෘෂ්ට ව්‍යායාමය පිළිබඳව සඳහන් කරන්නට චවන මදිය. කෙසේ වුවද ස්වකීය දැනුම් පිපාසය සන්සිඳුවා ගනිමින් සිංහල පාලි සංස්කෘත භාෂාවන් පිළිබඳව විශිෂ්ට දැනුමකින් හෙබි උන්වහන්සේ පසුකාලීනව අග්ග මහා පණ්ඩිත වැනි ලෝක පූජිත තනතුරු වලින් පිදුම් ලදහ.
නා හිමියන් ගේ ධර්ම දේශනා ශෛලිය පිළිබඳව නොකියාම බැරිය. ඉතාම සන්සුන් ධර්ම දේශනා ස්වරයක් වූ එය ඉතාම කර්ණ රසායන කාරුණික ස්වරයි. ගුවන් විදුලි හා රූපවාහිනී ධර්ම දේශනාවන් වලින් චිර ප්‍රසිද්ධ උන්වහන්සේ කායික ශක්තිය පිරිහෙන තාක් කල් එකී සද්ධර්ම ප්‍රචාරයෙහි නිරතවූහ. උන්වහන්සේගේ ධර්ම දේශනා පොත් ලෙසින් පවා ලියවුණු අතර වර්තමානයේ පනස් විය පසු කල ධර්ම දේශකවරුන්ට පවා උන්වහන්සේගේ දේශනාවන් එකල ගුරු වූහ.
මගේ ජීවිතයේ මා ලද කිසියම් පරම පූජනීයත්වයෙන් සලකන භාග්‍යක් ඇත්නම් එකී උතුමන් වහන්සේලා පුද්ගලිකව ඇසුරු කරන්නට ලැබීමයි. විශේෂයෙන් ප්‍රංශයේ පැවැති විශ්වීය භික්ෂු සමුළුවට සහභාගී වෙන්නට පැරිස් නුවරට වැඩමකල උන්වහන්සේ ට සත්කාර බුහුමන් දක්වන්නට ලැබීම මා ලද භාග්‍යක් කොට සලකමි. දුරකතනයෙන් සුව දුක් විමසූ විට පවා අතිශයින් කාරුණිකව පිළිතුරු දෙන උන්වහන්සේ ගේ ස්වරය මට හොඳින් මතකය. ලංකාවට ගිය කිහිප අවස්ථාවකම උන්වහන්සේ දැක බලා ගන්නට එහි ගියෙමි. ජීවිතයේ ලැඛෙන වාසනාව නම් අන් කිසිවක් ලැබීම නොව නිවාත ගුණයෙන් යුතු මෙවන් පූජනීය උතුමන් ඇසුරු කරන්නට ලැබීමය. ජීවිත කාලයේ මහා කුසල රාශියක් උපයාගත් කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන් වහන්සේට සසර සුව වේවා ! උතුම් නිවන් පසක් වේවායි ප්‍රාර්ථනා කරමි.

පරවාහැර චන්දරතන හිමි – ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය – ප්‍රංශය

Share with your friends :