ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට පදනම් විරහිතව ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.
එලෙස කටයුතු කිරීමට ඔවුනට කිසිදු අයිතියක් හෝ වරමක් නැතැයි ද ඔහු පවසයි.
ජිනීවා යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කරයි.
මෙය රටක අභ්‍යන්තරය ගැන මානව හිමිකම් කොමිසමක් කරුණු දක්වන පිළිවෙළ නොවේ යැයි පවසන ගුණවර්ධන මහතා විරුද්ධ පක්ෂයේ උදවිය කියපු දේවල් මේ වාර්තාවේ අන්තරගතවීමෙන් මේවා කොයි තරම්දුරට ඒකාබද්ධව සිදුවී තිබෙනවා දැයි ඔහු සඳහන් කළේය.