මියන්මාර හමුදාව සිදු කල වෙඩි තැබීම්වලින් මණ්ඩාලේ ප්‍රදේශයේ තම නිවසේ සිටි වයස අවුරුදු හතක කුඩා දැරියක් මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ කින් මයෝ චිට් නමැති දැරියකි. මේ දක්වා ඝතනය්වූ කුඩාම දරුවා ඇයයි. මේ වන විට මියන්මාරයේ හමුදා සහ පොලිස් වෙඩි තැබීම් වලින් දරුවන් 20 දෙනෙකු මිය ගොස් තිබේ. මියන්මාර පොලීසිය හා හමුදා වෙඩිතැබීම් වලින් මේ වන විට පුද්ගලයන් 261 දෙනෙකු ඝාතනයවී තිබේ. එහෙත් මියන්මාර හමුදා රජය පවසන්නේ තමන් අතින් ඝාතනය වුයේ 164 දෙනෙක් පමණක් බවය.
මියන්මාරයට එරෙහිව දැඩි ජාත්‍යන්තර පියවරක් ගැනීමට මේ වන විට බොහෝ රටවල් කටයුතු කරමින් සිටිති.