බ්‍රිතාන්‍ය රජ පවුලේ නවතම සාමාජිකයා නිවසේ නානකාමරයේ පොලොව මත උපත ලබා තිබේ. දෙවන එලිසබෙත් මහ රැජිනගේ එකම දියණිය වන ඈන් කුමරියගේ දියණිය වන සාරා ටින්ඩල්ගේ පුතු මෙලෙස නානකාමරයේ පොලොව මත උපත ලබා තිබේ. ඇය විවාහ වී සිටින්නේ එංගලන්ත රගර් ක්‍රීඩකයකු වන මයික් ටින්ඩල් සමගය. සරා ටින්ඩල් හට නිසි වේලාවට රෝහල් ගත වන්නට නොහැකිවීම නිසා මෙසේ නිවසේ මෙම දරු උපත සිදුව තිබේ.
නව කුමරු මහ රැජිනගේ දසවන මී මුනුබුරු වෙයි. එම නව කුමරු බ්‍රිතාන්‍ය කිරුළට උරුමකම් කියන්නන් අතර 22 වැනියාය.
සාරා ටින්ඩල් 39 වන වියෙහි පසුවන අතර ඇයට වැඩිමහල් දරුවන් දෙදෙනෙක් සිටිති.
previous post