27 C
Colombo
19/01/2025

බ්‍රසීලයේ හිටපු ජනපති ලුලා ද සිල්වා සියලු චෝදනා වලින් නිදහස්

Share with your friends :

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා දුෂණ චෝදනා වලට වරදකරු කරමින් එරට අධිකරණය 2017 වසරේ ලබා දුන් තීන්දුව වැරදි බවත් එය පක්ෂග්‍රාහී තීන්දුවක් බවටත් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.මේ අනුව හිටපු ජනාධිපතිවරයා සිර ගත කිරීම වැරදි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මීට පෙර මේ මස මුලදී එරට අධිකරණයක් මගින් ලුලා ද සිල්වාට එරෙහි චෝදනා ඉවත් කරන ලදී.
2017 වසරේදී අධිකරණය අදාළ නඩුතීන්දුව ලබා දීම නිසා ඔහුට 2018 වසරේ ජනාධිපතිවරණයට තරග කරන්නට නොහැකි විය. එසේම ඉන්පසුව ජනාධිපතිවරණයෙන් ජයගත් ජෙයර් බෝල්සනාරෝ අදාළ තීන්දුව ලබා දුන් විනිසුරු සර්ජියෝ මෝරෝ එරට අධිකරණ ඇමතිවරයා ලෙස පත් කරන ලදී.
මේ සමග ලුලා ද සිල්වා හට ලබන වසරේ ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අවස්ථාව සැලසේ. ඔහු 2003 වසරේ සිට 2010 වසර දක්වා එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කල අතර තවමත් එරට ජනප්‍රියම පුද්ගලයා ලෙස සැලකේ.

Share with your friends :