27 C
Colombo
25/11/2024

දරුණු ගංවතුරටත් පරදන්න බැරිවුණු ආදරය ඕස්ට්‍රේලියාවේ ගංවතුර අස්සේ අපූරු විවාහ උත්සවයක්

Share with your friends :


ආදරයට කොතරම් බාධා තිබුනත් ජය ගන්න පුළුවන් කියන්න හොඳම උදාහරණයක් පහුගියදා ඕස්ට්‍රේලියාවෙන් අහන්න ලැබුනා ,
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස්හි වින්හම් ප්‍රදේශයේ ජීවත්වෙන කේට් ෆොදරිංහම් කලක් මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කල කෙනෙක් , ඇය තමන්ගේ පෙම්වතා වන වේන් බෙල් සමග විවාහ මංගල උත්සවය යොදා ගෙන තිබුනේ මාර්තු 22 වැනිදා . මේ දින වල ඔස්ට්‍රේලියාවට ගංවතුර. ඒක දරුණු ගංවතුරක් , වසර හැටකට පස්සේ ඔස්ට්‍රේලියාවට බලපා ඇති දරුණුතම ගංවතුර,

විවාහ මංගල උත්සවයට කලින් දවසේ තමන්ගේ නිවසේ හිටපු කේට් මුහුණ දුන්නේ කවදාවත් මනමාලියක් මුහුණ දෙන්නට සිහිනෙන්වත් නොහිතන අකරතැබ්බයකට. ඇයගේ නිවෙස ඇති ප්‍රදේශයට ඊට පෙර දින රාත්‍රියේ ඇද වැටුණු දැවැන්ත වර්ෂාව නිසා නිවෙස තුබුණු ප්‍රදේශයම ජලයෙන් යටවුනා ,ඒ ප්‍රදේශයට මිලිමීටර් 250 කට වැඩි වර්ෂාපතනයක් ලැබිලා තිබුනා , නිවෙසට ජලය නොපැමිනියත් එම ප්‍රදේශයට යන මාර්ග සියල්ලත් පාලම් සියල්ලත් ජලයෙන් යට වුනා, විව්ව්හ උත්සවය යොදා ගෙන තිබුනේ සවස හයට.
කොතරම් කල්පනා කලත් ඇයට මොකක් කරන්නද කියලා සිතා ගන්න බැරි වුනා, අන්තිමට කේට් තමන්ගේ විවාහ උත්සවයට යන්න උදව් ඉල්ලලා Twitter පණිවිඩයක් යැව්වා ,
මේක දැකපු ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් සමාගමක් වහාම ඇයට උදව් කරන්න ඉදිරිපත් වුනා ,
ඒ අය වහාම හෙලිකොප්ටරයක් එව්වා , හෙලිකොප්ටරය දුටු ඇය සතුටින් ඉපිල ගියා ,

ඇයත් පවුලේ අයවත් විවාහ උත්සවය තිබුණු ප්‍රදේශයට මේ හෙලිකොටරයේ නියමුවා හැකිතාක් ඉක්මනින් රැගෙන ගියා , ඒ වෙනකොට විවාහ උත්සවයට නියමිත වෙලාවට විනාඩි පහළොවක් පරක්කු වෙලා තිබුනත් ඒක ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒත් ඒ වෙනකොට මනමාලිය සරසන අයටත්, විවාහ උත්සවයේ ආහාර සැපයුම භාරගත් අයත් , උත්සවයේ සින්දු කියන්න හිටපු අයත් විවිධ ප්‍රදේශවල ගංවතුරට හිරවෙලා හිටියේ. ඒ නිසා මනමාලිය සැරසුවේ ඇගේ පවුලේ අය. ඒ වගේම වෙනත් ප්‍රදේශයක තියෙන විවාහ උත්සවයකට කෑම ඇනවුම් භාරගෙන ගංවතුර නිසා ඒවා සපයාගන්න බැරිවුණු සමාගමක් ඒ කෑම මේ අයට දෙන්න ඉදිරිපත් වුනා, කොහොමහරි මේ දෙන්නා දේවස්ථානයට ගිහිල්ලා විවහ වෙලා උත්සවයත් පැවැත්වුවා , අද මේ විවාහ උත්සවය ගැන ලොව පුරාම කතා කරනවා , කොහොම හරි ඇය ඇගේ ආදරය ජය ගත්තා

Share with your friends :