27 C
Colombo
19/01/2025

ඊජිප්තුවේ සුවස් ඇල හරහා විශාල කන්ටේනර් නැවක් සිරවීමෙන් නැව් ගමනාගමනය අඩපණවේ

Share with your friends :

ඊජිප්තුවේ සුවස් ඇල හරහා විශාල කන්ටේනර් නැවක් සිරවීම නිසා එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය ඇනහිට තිබේ.
එවර් ගිවන් නමැති මෙම නෞකාව එවර්ග්‍රීන් නැව් සමාගමට අයත්ය. එය පැනමාවේ ලියාපදිංචි කර ඇති අතර චීනයේ සිට නෙදර්ලන්තය වෙත යාත්‍රා කරමින් සිටින අතරතුර සුවස් ඇල හරහා යාමේදී සිරවී තිබේ.ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නැවක් වන මෙහි කන්ටේනර් 20,000 ක් ඇති අතර එහි බර ටොන් 220,000 කි.
අඩි 1300 ක් දිගින් හා අඩි 194 ක පළලින් යුත් මෙම නෞකාව 2018 වසරේ නිෂ්පාදනය කරන ලද්දකි. මේ වන විට ටග් යාත්‍රා ගණනාවකින් එම නෞකාව කෙලින් කරන්නට උත්සාහ ගත්තද තවමත් සාර්ථක වී නොමැත.
1859 ඉදිකිරීම් ආරම්භ කල සුවස් ඇල 1869 දී වැඩ අවසන් කරන ලදී . එය මධ්‍යධරනී මුහුද සහ රතු මුහුද යාකරනු ලබයි. එය ආසියාව හා යුරෝපය යා කරන කෙටිම මාර්ගය වේ. සූවස් ඇල මාර්ගය කිලෝමීටර් 193.3 ක් දිගින් යුක්තය.

Share with your friends :