27 C
Colombo
19/01/2025

සීනි සහ පොල්තෙල් බදු වංචාවෙන් වූ පාඩුවට ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරාගන්න-විජේදාස

Share with your friends :

සීනි සහ පොල්තෙල් වලින් සිදුවූ බදු වංචාවෙන් මෙරට ජනතාවට කළ අති විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.එසේ නොවුන හොත් එහි පාඩුව ගෙවන්නේ කවුදැයි ඔහු ප‍්‍රශ්න කරයි.
“සීනි හා පොල්තෙල් වලින් ජනතාවට කළ විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතුයි. ආණ්ඩුව ඒක කරන්න ඕනේ. නැත්නම් මේ අලාභය කවුද ගෙවන්නේ. මුදල් ඇමතිගේ බූදලයෙන්ද ගෙවන්නේ. එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම්ගේ සාක්කුවෙන් ද ගෙවන්නේ. මේකට තිබෙන එකම විසඳුම සති දෙකක් ඇතුළත ෂැංග්‍රීලා හෝටලය රජයට පවරාගෙන ජනසතු කරන එක,
ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවානේ. ආණ්ඩුව පිළිගන්නවානේ. ඒක සද්භාවයෙන් කළාද, නැද්ද කියන එක ගැනනේ ආණ්ඩුව කියන්නෙ. නමුත් ජනතාවට ඒක අදාළ නෑනේ. මම ජනාධිපති නම් මම පාර්ලිමේන්තුවට වගන්ති දෙක තුනක පනතක් ගේනවා, ගෙනත් කියනවා මේකෙ කරුණු සොයා බලලා මේ සිදුවෙලා කියන වංචාව ඇත්තක් නම් සති දෙකක් ඇතුළත ෂැංග්‍රිලා හෝටලය රජයට පවරාගන්න කියලා” යැයි විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ එක්තරා පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකදීය.

Share with your friends :