27 C
Colombo
19/01/2025

සිංහරාජ වනාන්තරයේ වැව් දෙකක් ඉදිකරන බව චමල් රාජපක්ෂ කියයි

Share with your friends :

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිඳු ජලය ලබාදීම සඳහා සිංහරාජ රක්‍ෂිතය තුළ වැව් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
මේ එක් වැවක් අක්කර පහක් පමණ වන බවත්, එයට කැලෑව යට වන නිසා ඒ වෙනුවට තව අක්කර 50ක් 100ක් පමණ වගා කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ආදී ප්‍රදේශවලට පානීය ජලය දීම සඳහාගිං ගඟේ සහ නිල්වලා ගඟේ වතුර ගිරුවාපත්තුවට ගෙනඒමට මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වාරි ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් පසුගිය රජය පැවති වසර පහක කාලයේදී එය ක්‍රියාත්මක නොවූ බව ද ඇමතිවරයා කීවේය.
ඒ කාර්යය භාරදුන් චීන සමාගමක සකස් කර ඇති සැලැස්ම අනුව සිංහරාජ වනාන්තරය තුල වැව් දෙකක් නිර්මාණය කිරීමට ඇතැයි කී ඇමතිවරයා ඒ සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙවැනි ව්‍යාපෘති සිංහරාජ වනාන්තරයේ ක්‍රියාත්මක කරන්නට දරන උත්සාහයට පරිසර සංවිධාන විරෝධය පළකර තිබේ.

Share with your friends :