27 C
Colombo
20/01/2025

අංක තහඩුවෙන් ජර්මානු සමාගමකට මාසිකව යන විදේශ විනිමය අඩු කරන්නට රජය පියවර ගනී

Share with your friends :

ජර්මානු සමාගමකට මෙතෙක් මාසිකව රුපියල් මිලියන ගනනක් නිකරුනේ ඇදී ගිය මෝටර් රථවල අංක හතඩුවල පළාත් සංකේතය ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වාහන අංක හතඩු පළාත් සංකේතය ඉවත්කිරීමේ ඉදිරි නීතිමය කටයුතු මේ වන විට ක‍්‍රියාත්මකව පවතින අතර එය ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී පළාත් සංකේතය ඉවත්කිරීම ප‍්‍රසිද්ධ කිරීමට නියමිතය. මෙතෙක් අංක තහඩුවේ පළාත සඳහන්වීම නිසා වාහන වෙනත් පළාතකට විකුණන සෑම අවස්ථාවකම අංක තහඩුව වෙනස් කිරීමට සිදුවූ අතර ඒ සඳහා විශාල මුදලක් හා කාලයක් වැය කරන්නට ජනතාවට සිදු විය.
වාහන අංක තහඩු 2000 වර්ෂය පමණ වන තෙක් මෙරට දේශීය නිෂ්පාදකයන් අතින් අඩු මුදලට නිෂ්පාදනය කෙරිණි. පසුව එය ජර්මානු සමාගමකට අධික මුදලකට ලබා දෙන ලද්දේ දුෂිත ටෙන්ඩර් ක්‍රමවේදයකට අනුවය. ඒ අනුව රටේ ජනතාවට විශාල මුදලක් වැය කරන්නට සිදුවූ අතර විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද ඊට වැය විය. දේශීය කර්මාන්ත ගැන කතාකරන ඇමතිවරු මේ තරම් සරල දෙයක් වත් රට තුල නිෂ්පාදනයට කටයුතු නොකරති. මෙය රජය මගින් සිදු කරන්නේ නම් රජයේ කර්මාන්ත ශාලාව මගින් හෝ රජයේ කාර්මික විද්‍යාල මගින් හෝ රට පුරා පහසුවෙන්ම කල හැක.

Share with your friends :