27 C
Colombo
23/09/2024

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඉන්දීය ලෙජන්ඩ්ස් අතර අවසන් තරගයේ ජය ඉන්දීය කණ්ඩායමට

Share with your friends :

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති රෝඩ් සේෆ්ටි ක්‍රිකට් ලෝක ශුරතා 20 – 20 අවසන් තරඟයෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14ක ජයක් ලැබීය.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා විසින් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදුනි.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 4ක් දැවී ලකුණු 181ක් රැස් කලහ.
ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් යූසූෆ් පතාන් නොදැවී ලකුණු 62 රැස් කළ අතර යුවරාජ් සිං පන්දු 41 මුහුණදෙමින් ලකුණු 60ක් රැස් කලහ.
ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළේ ලකුණු 167 කි.

Share with your friends :