27 C
Colombo
18/01/2025

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂට සොබාදහම බලය පෙන්වයි

Share with your friends :

” බිබිලේ ගොස් ආපසු එන අතර තුර හිතාගන්නවත් බැරි විදුහට එකවර සුනාමියක් වගේ ජල කඳක් ආවා. අප ගමන්ගත් ජීප් රථය කැරකැවුණා. මා දැනගත්තා අනතුරක් කියල. රියදුරාටත් සහායකයා සමග ජිප් රියෙන් පැනගත්තා. අඩි හතරක පමණ ජල කඳකට අපි පැන්නේ. ඒ එක්කම ජිප් රථය අඩි 100ක් පමණ දුරකට දිය යටින් ගහගෙන ගියා. ගහක පැටලිලා තිබුණු ජිත් රථය පැයකට පමණ පසුව සොයාගත්තා. මේ වගේ අත්දැකීමක් කවදාවත් ලැබිලා නෑ. ඒක හරිම ත්‍රාසජනක අවස්ථාවක්” යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කලේ තමන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට හසුව ගසා ගෙන යාමේ සිද්ධිය විස්තර කරමිනි.
බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදී අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබේ.
අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිපෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන තිබේ. අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නැත.

Share with your friends :